Resource Library

71 කරුල්ල

ආරම්බයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක්

Author : ජයතුංග, රුවන්

Publisher: ෆස්ට් ප්‍රින්ටස් ප්රිවට් ලිමිටඩ්

Place of Publish: ශ්‍රී ලංකා, කොළඹ

Year: 2011

Page Numbers: 855

Acc. No: 4927

Class No: 323 JAY-SL

Category: Books & Reports

Subjects: Civil and Political Rights

Type of Resource: Monograph

Languages: Sinhala

ISBN: 978-955-0230-02-0

"71 කැරැල්ල- ආරම්භයේ සිට අවසානය දක්වා පූර්ණ සමාලෝචනයක්" කෘතිය මගින් මෙරට දේශපාලන ඉතිහාසයේ අතිශය තීරණාත්මක සංසිද්ධියක් වන 1971 කැරැල්ල පිළිබඳව වැදගත් සමාජ දේශපාලන කරුණු රැසක් අනාවරණය කෙරේ. මෙම කෘතියේ විශේෂත්වය නම් කැරැල්ලට සම්බන්ධ වුවන් සියයකට වැඩි ප්‍රමාණයක් සමග සම්මුඛ සාකච්ඡා හා ඔවුන්ගේ සමීපතමයන් හරහා වාර්තා වූ කරුණු අනාවරණය කිරීමයි. එක් කැරලිකරුවකුට එක් පරිච්ජේදයක් බැගින් වෙන් කොට ඔවුන් කැරැල්ලේදී මුහුණ දුන් අත්දැකීම් මෙන්ම කැරැල්ලට සම්බන්ධ වීම හා එයින් මෙරට සමාජ දේශපාලන දේහයට වූ බලපෑම පිලිබඳ වර්තමානයේ ඔවුන් දරන අදහස් ද කෘතිය මගින් ඉදිරිපත්කොට තිබේ. 71 කැරැල්ල සම්බන්ධයෙන් මුලිකවම සඳහන් වන රෝහණ විජේවීර, වික්ටර් අයිවන්, සෝමවංශ අමරසිංහ වැන්නන් මෙන්ම සමාජයට ආවරණය නොවූ එහෙත් කැරැල්ලට සක්‍රීයව දායක වූ පුද්ගලයන් පිළිබඳව කරුණු රැසක් මෙම කෘතියෙන් අනාවරණය කොට තිබේ. කතුවරයා කැරැල්ලට සම්බන්ධවූවන් සමග සිදු කල සාකච්ඡා සංවාදාත්මක ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම කෘතියට සජීවී ස්වරූපයක් එක්වී තිබේ.