Resource Library

කොළඹ UDA තට්ටු නිවාස සංකීර්ණවල නැවත පදිංචි කිරීමෙන් පසු ගෙවන ජීවිතය

Publisher: විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය

Place of Publish: Sri Lanka, Colombo

Acc. No: 5019

Class No: 362.5 COL-SL

Category: Books & Reports

Subjects: Social Problems and Services

කොළඹ නාගරික ප්‍රදේශයේ දෙමටගොඩ ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත නිවාස වල සිටි වැසියන් 2013-2014 කාලය තුළ ඉදි කරන ලද නව නිවාස සංකීර්ණ තුළ පදිංචි කරවීම ආශ්‍රිතව කරන ලද පසු විපරම් සමීක්‍ෂණයක ප්‍රතිඵල ඇතුලත් වාර්තාවක් ලෙස මෙම ප්‍රකාශනය හඳුනා ගත හැකිය. කොළඹ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඌන පහසුකම් සහිත ජනාවාස ලෙස හඳුනා ගෙන එම පුද්ගලයනට අලුතින් ලබා දෙන ලද තට්ටු නිවාස සහ ඒ ආශ්‍රිතව පවතින ආර්ථිකමය, සමාජමය සහ සංස්කෘතිකමය වෙනස්කම සහ අපහසුතා පිළිබඳව මේ වාර්තාව තුළ මනා විවරණයක් සපයනු ලබයි. මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ බලපෑම පිළිබඳව කරන ලද පර්යේෂණ ප්‍රතිඵල ප්‍රකාශනයක් මෙහිලා ඇතුලත් වේ.