Resource Library

සරසවි කුරුටු ගී

සාහිත්‍යමය සහ සමාජ විද්‍යාත්මක විග්‍රහයක්

Author : අජිත්, නන්දන., ජයසිංහ, ප්‍රභාත් සහ අබේසිංහ, ඩබ්. අ.

Publisher: Centre for Poverty Analysis

Place of Publish: Sri Lanka, Colombo

Year: 2016

Page Numbers: 92

Acc. No: 4948

Class No: 300 NAN-SL

Category: Books & Reports

Subjects: Sociology and Anthropology

Languages: Sinhala

ISBN: 978-955-1040-94-9

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉතා ජනප්‍රිය අංගයක් වන සරසවි කුරුටු ගී පිළිබඳව සාහිත්‍යමය සහ සමාජ විද්‍යාත්මක විචාරයක් මෙම කෘතිය ඇසුරේ දක්නට ලැබෙයි. විශේෂයෙන් ම සරසවි ජීවිතයේදී සිසුන්ට එදිනෙදා ජිවිතයේ මුහුණ දීමට සිදුවන නේක විධ වූ දුක් දොම්නස් ගැහැට නිර්මාණාත්මකව ප්‍රකාශ කර තිබෙන ආකාරයත් ඒවා ඇසුරේ ප්‍රකට වන සමාජ ආර්ථික හා දේශපාලනික යතාර්තයත් මේ තුලින් විචාරයට ලක්කර තිබේ. සරසවි කුරුටු ගී ඇසුරින් දරිද්‍රතාවය ඉස්මතු කරන අයුරු හඳුනා ගැනීමට මෙම කෘතිය තුලින් උත්සහ කරන අතර ඊට අමතර සමාජමය කරුණු ද විග්‍රහයට බඳුන් කෙරෙයි. මෙම කෘතිය මගින් ලංකාවේ දැනට පවතින විශ්වවිද්‍යාල 15කට ආසන්න ප්‍රමාණයක රචනා වී තිබෙන සරසවි කුරුටු ගී විමර්ශනයට ලක් වේ. නන්දන අජිත්, ප්‍රභාත් ජයසිංහ හා ඩබ්ලිව් ඒ අබේසිංහ යන තිදෙනා විසින් මෙම කෘතිය සම්පාදනය කර තිබෙන අතර මෙය දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ ප්‍රකාශනයකි.